සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පක්ෂයෙන් ඉවත්කිරීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ නායකත්වයෙන් මන්ත්රීවරුන් පිරිසක් ඉල්ලීම් කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්රකාශයක් කරමින් සමගි ජනබලවේගයේ නායකත්වය විවේචනයට ලක් කර තිබෙන අතර ඒ හෙතුවෙන් ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට පූර්ණ බලය පවතින බවද ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ සමහර නායකයන් ප්රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi