සිව් දින නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) චීනය බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ගමනේ අරමුණ ශ්‍රී ලංකාව ගොඩගැනීමට උපාය මාර්ගයක් සකස් කිරීම වන අතර චීන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව මෙම සංචාරය සිදුවන බව ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම ජුලි 01 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi