ජනපතිගෙන් සරත් ෆොන්සේකාට වර්ණනාවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (28) සිදුකෙරුණි. එම පුස්තකය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් අවශ්‍ය බව ප්‍රකාශ කොට ඇත. එමෙන්ම මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඒ වගේම ග්‍රන්ථයේ පළමු පිටපත ද සමරු තිළිණයක් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වීය.

ඒ වගේම මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්

“ලංකාවේ යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරපු එක්කෙනා. මම අගමැති විදියට වැඩකරද්දි කාට ද යාපනය භාරදෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා. එදා මම කිව්වා මම තීරණය කළා කියලා සරත් ෆොන්සේකාව ඩිවිෂන් එකක් භාරදෙන්න. විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා.
එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ. ඒ වගේම සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි. මිනිස්සු මැරෙනවා දෙපැත්තෙන්ම. එතකොට හමුදාව හදාගෙන ඉදිරියට යන්න එතුමාට ඒ ශක්තිය තිබුණා. ලෝකයේ තිබුණ අමාරුම යුද්ධයක්. එතුමා ඒක අවසන් කර නිසා එතුමාට මේ තනතුර දුන්නා. ඊට පස්සේ සිවිල් ජීවිතේ අභියෝගයන්ට මුහුණදුන්නා. එකෙත් තනිවුණ වෙලාවේ, බන්ධනාගාරයේ හිටිය වෙලාවේ, තමන්ට නිදහස නැති වුණ අවස්ථාවේ ශක්තිමත් චරිතයක් වෙන්න ඕනේ ඉදිරියට යන්න. කොහොමත් එතුමා කොහේ වුණත් සටන අත්හරින්නේ නෑ. දේශපාලනයේ වුණත්, සිවිල් කාලයේ වුණත්, දේශපාලනයේ වුණත් එතුමා ගැන දැනගෙන වැඩකරන්න. සටහනට ගියොත් එතුමා ඒක අත්හරින්නේ නෑ. ඒක අරගෙන යනවා. මම හිතනවා එතුමාට තවත් මේ රටට සේවය කරන්න පුළුවන්. අනාගතයේ එතුමාගෙන් ගන්න තියෙන ඒ සේවය රටට ලබාගන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart