මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති අතර ඔවුන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිට ඇති බවත් ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බවත් අනාවරණය වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.
පුද්ගලයෙක් සතු නිවසක් කුලියට දුන්නේ නම් එම නිවසහි පුද්ගලයන් කුමන කාර්යක නියැලෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට අයිතිකරුට වගකීමක් ඇති බවත් එම නිවස කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇති බවටත් අනාවරණය වුවහොත් රාජසන්තක කිරීමට පවා හැකියාව ඇති බවද ඒ මහතා පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi