කාළගුණය පිළිබඳ රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුද ප්‍රදේශය ඉතා රළු විය හැකි බව හා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ හේතුවෙන් අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බවත් ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ථාවේ සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිබවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart