ට්‍රම්ප්ට නඩු නැ

2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ලවූ චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකළ අභියාචනය විභාග වූ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවට විදේස් මාධ්‍ය වාර්තා කරයි.
විනිසුරුවන් 9 දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ අභියාචනය විභාග වූ අතර විනිසුරුවන් 6 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළ කර ඇති අතර ජනාධිපති බයිඩන් එම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart