යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ පරාජය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ මැතිවරණයක් පසුගිය දිනක පැවැත් වූ අතර එහි පළමු වටයෙන් එමානුවෙල්ගේ ප්‍රතිවාදියා වන දක්ෂිණාංශික පක්ෂය ජයග්‍රහණය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත. ඊයේ නිකුත් කළ ප්රතිඵලවලට අනුව විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිණාංශික පක්ෂය 34% ක වැඩි ප්‍රතිශතයක් ලබා ඇති අතර රෙනයිසන්ස් පක්ෂයට පළමු වටයේදී ලැබී ඇත්තේ 20.5% ක ඡන්ද ප්‍රතිශතයක් ද වාමාංශික පක්ෂ 29%ක ඡන්ද ප්‍රතිඵලයක් ද ලබා මැක්‍රෝන් අබිබවා ගිය බව තව දුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi