උද්දිකගේ CCTV සාක්ෂි රජයේ රස පරීක්ෂාවට ලක්වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබු දිනයේ ඒ ආසන්නයෙන් සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණි. මෙම සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා රස පරීක්‍ෂක වාර්තාව පරීක්ෂාවට ලක් කොට නොපමාව කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපර්තෙමේන්තුවට නියම කොට ඇත. එම වාර්තාවට අනුව සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති සුදු පැහැති මෝටර් රථය වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක මතු ව තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ. එමෙන්ම රහස් පොලිසියේ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාගේ වාර්තාව සහ විමර්ශන වල ප්‍රගතිය නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart