පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සහභාගී වීමෙන් පැවැත්වූ ලග්ගල ආසනයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් නාඋල අරංගල ෆොරස්ට් ලොජ් හෝටලේ පැවැත් වූ බව වාර්තා වේ.මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හට පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් දෝෂාරෝපණය කර ඇති අතර ඊට හේතුව වී ඇත්තේ කඳුකර දශකය ව්‍යාපෘතිය යටතේ වෙන් කෙරුණු මුදල් ඔහු විසින් පාසල් සංවර්ධනය සඳහා වෙන් කිරීමයි.මෙම අවස්ථාව සඳහා විල්ගමුව, නාවල, ලග්ගල සහ අඹන්ගඟ ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූ බව ද වාර්තාවේ . පාසල් හදන්න පෙර අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව සහ මෙම සංවර්ධන කටයුතු තමන්ගේ තනි කැමැත්තට සිදු කිරීමට අප්‍රසාදය මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi