ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊයේ (04) දිනෙන් මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ගැසට් නිවේදනය ඔස්සේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi