ජනාධිපතිවරණය ගැන අවිනිශ්චිත තත්වයක්


ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි තීරණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. ඊට එරෙහිව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මේ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකර වසර 08 වැඩි කාලයක් ගතවී ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බවද එහිදී එම මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart