නෙදර්ලන්තයේ සිට යුක්තියේ මෙහෙයුමට පැමිණි අමුත්තන්


නෙදර්ලන්තයේ සිට පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන ආ බව වාර්තා වේ.
ලංකාව පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම මගින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීමත් ඔවුන් යොදාගැනීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතන පරිශ්‍රයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මෙම සුනඛයින් භාර ගෙන ඇත.
ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු , බෙල්ජියම් මැලි නොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු මෙම සුනඛයන් අතර සිටන අතර එම සුනඛයන් මෙරටට රැගෙන එනු ලැබුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුලසේකර මහතා සහ නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතා විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.
ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනයෙහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාමට එම සුනඛයන්ගේ පුහුණු කරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසුව මෙම සුනඛයින් මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ මර්ධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart