ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැහැදිලි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
අද (08) ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදු කළ අතර අදාළ පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය විසින් සඳහන් කර ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් වෙමින් පවතින ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi