වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කළහොත්, මේ වන විට පනවා තිබෙන 18%ක්වන වැට් බද්ද 20% – 21%ත් අතර අගයක් දක්වා වැඩි කිරීමට සිදුවන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා ඇත.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී මේ බව පවසා ඇති අතර මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත. .
පවතින අයවැය ප්‍රතිපාදන මත 2024 වසරේදී වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් භාණ්ඩාගාර ලේකම් මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi