අස්වැසුම දෙවන අදියර ඇරඹේ

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙන පරිදි, දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කරයි.
පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිත බව සඳහන් වේ.
සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීමටද කටයුතු කරන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart