සමඟි ජන සන්ධානයට එක්වන ඩලස්


ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර ඇති බව අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසා ඇත .
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවත් රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවත් ප්‍රකාශ කර ඇත.
ඔවුන් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන බව හා ඒ සඳහා එකතු වන සියළු සන්ධාන සමග එකමුතුව එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තබා ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart