බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා එම ඇප ඉල්ලීම පහළොස්වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.
තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලද අතර එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරමින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi