දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්රධාන වෘත්තීය සමිති තුනක් ක්රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක වන බවත් දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පවසා තිබේ. බලපෑම් සිදුකර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් ප්රකාශ කර ඇත. කෙසේ වෙතත් වර්ජනය පැවතිය නමුත් දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi