දිමුතු සහ බබී අත්අඩංගුවට ඩූබායි සිට අද කටුනායකට


මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රාශියක් සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේන බවට වාර්තා වේ. මොවුන් දෙදෙනා අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙලෙස රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් “බබී” නැමැත්තා සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනාය.
කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නැමැත්තා කොළඹ, නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත අතර කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බව වැඩිදුර වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart