ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක ජනාධිපතිවරයාගේ ධුරකාලය සම්බන්ධව පරස්පර කරුණු ඇතුලත් වී ඇති බව හෙළිවේ. නමුත් අවස්ථා දෙකකදීම ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අභිලාෂයන් වෙනුවෙන් නීතිය නම්‍යශීලී විය යුතු බවත් ජාතික ජන බලවේගයෙහි විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට ඇත. නමුත් මෙහිදී දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී මුලික ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ජනමත විචාරණයකට එය ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නිවේදකයා විසින් ඔහුවෙත ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදී ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලද ජනවරම පිළිබඳ සිතා සමාජයේ එවකට පැවති ජනතා අභිලාෂයන් අනුව එය සිදුකළ බවද කාලය අඩුකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද නීති විශාරදයින්ගේ තර්කය වූ බව ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi