පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැර ඇත. මෙහිදී 2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී. එහිදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් , පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන්ද ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටියත් ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi