2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්රයේ පැහැදිලි වර්ධනයක් ගතවූ වසර දෙකට සාපේක්ෂව සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ප්‍රකාශ කර ඇත.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායම් මෙන්ම එහි අවාසි සහගත තත්වයන්ද පාලනය කිරීමට ගත් ක්‍රියාවන් නිසා මෙම ප්‍රගතිය වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂිකර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi