ජනාධිපතිවරණය කල් දමන ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව මෙයද?


ජනාධිපතිවරණය කල් දැමීම ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජේ. එල්. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල හිමි වූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්තිවල ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් වැඩිදුර අදහස් දැක්වූ මොහු කියා සිටියේය. මෙහිදී විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් කෙටුම්පත සම්මත වුවහොත් දින 30කදී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජේ. එල්. පීරිස් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියේ එය ඉතා පැහැදිලිව දක්වා ඇති බව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා එය ගැසට් කර නොමැති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරල ක්‍රියාදාමයක් නොව සංකීර්ණ ක්‍රියාවලියක් බවද කීවේය. එමෙන්ම වැඩි දුරටත් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොමිෂන් සභාව තව දින 13 කදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart