ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් නීතිමය අයිතියක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාව වන බවත් ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi