ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලිය අද දින (19) දඹුල්ලේදී ආරම්භ වේ. මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්ය තරග වදිනු ලබයි. එමෙන්ම B කාණ්ඩය යටතේ ශ්රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය තරග කිරීමට නියමිතව ඇත. ඒ අනුව ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්රී 7.00ට පැවැත්වීමට නියමිතව පවතී.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi