මීළඟ ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුණේ යෝජනාවලට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවීම නිසා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව එහි ප්‍රාකාශකවරයෙකු දන්වා සිටි බව ද වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ජනාධිපතිවරණයට තමන් තරග කරන බව පක්ෂය දැනුවත් කළහොත් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා මහින්ද බැසිල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකියාව ඇති නමුත් දැන් සිදුවෙමින් ඇත්තේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ හිතවාදී පිලට එකතු කර ගැනීම බවත් වැඩිදුරටත් සදහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi