ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විනය පරීක්ෂණයක් සඳහා අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙමෙ ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
අධිකරණ නියෝගය පිළිපදින ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට පසුගිය සතියේ දැනුම් දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi