බංගලාදේශ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත. ඒ එරට රජයට විරුද්ධව විරෝධතා දක්වන විරෝධතා කරුවන් පිරිසක් විසිනි. ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වීමෙන් එම පිරිස් බේරාගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලිසියට වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකිරීමට සිදුවී ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. බංගලාදේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇත. මෙම උණුසුම්කාරී තත්වය සාමාන්‍ය තත්වයකට පත්කිරීම සඳහා මේ වන විටත් බංගලාදේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi