සිය සමාජ මධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් සඳහන් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තමා තරඟ නොකරන බවයි.
එමෙන්ම, “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්ද ඔහු එහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්ය.
ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකවත්වය උප ජනාධිපති ලෙස සිටින කමලා හැරිස්ට නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ලබාදීමට සුදුසු බවත් ජෝබයිඩන් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi