දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා දහ අටකට වරදකාරිය වෙමින් පසුගිය ජූනි මස 28 වැනිදා වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කොට ඇත. ඒ මහාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් අභියාචනයක් ගොනු කිරීම සලකා බලමිනි. නමුත් ඇය අද දිනයේදී ඇපමත මුදාහරණ ලද්දේ විදේශ ගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවමිනි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi