ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද යාපනයේදී ගිවිසුමකට එළඹ තිබෙන බව වාර්තා වෙනවා.
ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දමිළ ඡන්ද ජනාධිපති දිනවීමේ කාර්‍ය්‍යයේ විශාල වැඩ කොටසක් සිදු කරන අතර බොහෝ දමිළ පක්ෂ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය වටා එකරාශී වීම නොදන්නා කරුණක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට කවදත් උතුරු නැගෙනහිර දමිල ඡන්ද ලබා දීමට මෙම කණ්ඩායම් පෙර වසර වලදී එනම් 1999,2005 වැනි ජනාධිපතිවරණ වලදී ක්‍රියාත්මක වී ඇත. මෙවරද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන්නේ නම් මෙම උතුරු නැගෙනහිර දමිල පක්ෂ වල සහයෝගය ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවේ. නමුත් මෙම පක්ෂ එකතු වී වෙනම දමිළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය හරහා විශාලම බලපෑම එල්ල වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව බලාපොරොත්තුවටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අරික්කලනාදන් මහතාගේ නායකත්වයෙන් යුතු ටේලෝ පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ම ලිංගම් සිද්දාර්ථන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්ලොට් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙ නායකත්වයෙන් යුත් EPRL පක්ෂය, නීතිඥ එන්. ශ්‍රී කාන්තා මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂය ඇතුළු පක්ෂ හතක් සහ දෙමළ සිවිල් සංවිධාන රැසකින් සැදුම්ලත් දෙමළ ජනතා පොදු සභාව ද මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බව සදහන් වෙනවා,
නමුත් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා ඇතුලත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ නීතිඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ ගිවිසුමට අත්සන් නොකල බව වැඩිදුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi