දේශබන්දු තෙන්නකෝන්ට අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසා තිබේ. කැබිනට් තීරණ මගින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කර ඇත. ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi