හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව සංවිධානය කර ඇති බවට
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ විනය කඩකර ඇති බව එම පැමිණිල්ලේ දක්වා ඇති අතර එවැනි කරුණු සදහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බව මෙහිදී පොලිසිය විසින් දැනුම් දී ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බව හා පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකට ඔහු පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi