ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමකට කටයුතු කරනු ඇතැයි ඉහල දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන විරසකය මත මෙම පියවර ගනු ඇති බවත් ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අවසන් වීමට පෙරාතුව දෙපාර්ශවයන් අතර ඇතිවී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
නමුත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු බාධාවක් නොවන බවයි.
මැතිවරණ දෙකම එකවර සංවිධානය කිරීමට හැකියාව ඇති බවත් ඡන්ද ප්‍රකාශ කිරීම් දෙකම එක් දිනයක පැවැත්වීමට හැකියාවක් නොමැති බවද කොමිසම කියා සිටියි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi