ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබෙන බවට වාර්තා වේ. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙනි. ඒ අනුව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ඊයේ (30) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළවයි. එමෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් කියා සිටි බව වාර්තා වේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් බවද අනාවරණය වී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi