ගාසා හි ළමා අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි. තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi