ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත අතර එය ලබන 07 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට වාර්තා වී තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින සිවු දෙනකු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් වැඩි පිරිසක් කැමැත්ත පළකර ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙතයි.
ඊට අදාල සංවිධාන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතින අතර ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ, පක්ෂය තුල ඇතිවූ තත්වයන් නිසාවෙන් බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi