සජිත් හා නාමල් අතර හමුවක් ?


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර පසු ගිය දිනක හමුවක් පවත්වා ඇති බවට මාධ්‍ය තුල වාර්තා වේ. මොවුන් දෙදෙනා කොළඹදී රහසේ හමුවූ බවත් සජිත් ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් එහිදී නාමල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වී ඇත.

එලෙස හමුවූයේ නම් ඒ කුමක් සඳහාද යන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශ කර ඇත. “සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරන බවට පළ වූ පුවත් අපි දැනටමත් සමාජ මාධ්‍යවල දැක තිබෙනවා. සජිත් ප්‍රේමදාස මේ වාර්තාවේ ඇත්ත නැත්ත හෙළිකළ යුතුයි.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart