ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව පවතී. මෙම සංචාරය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද වෙයි.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 – 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇති බව වාර්තා වේ. මේ අතර දෙරට අතර මේ දක්වා (2009 – 2022) විස්සයි20 තරග 03ක්ද පැවැත්වී ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාව වේ. එමෙන්ම මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එක්දින තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 2022-2025 අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේද පැවැත්වේ. එමෙන්ම දැනට ශ්‍රී ලංකාව අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානයට උරුමකම් කියයි. ඒ වගේම ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩාකර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් ද පරාජය වී ඇති නමුත් අයර්ලන්ත කණ්ඩායම පසුවන්නේ මෙහි අවසන් ස්ථානයේ බව වාර්තා වේ. මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති ඔවුන්, ඉන් තරග 10ක්ම පරාජය වී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi