පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී කරන ලද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය. එමෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි දුරකතන අංකය ලෙස 0767914696 අංකයද 0112505566 ෆැක්ස් අංකයද මොවුන් සඳහන් කොට ඇත. ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi