තරුෂිට තවත් තරග වටයකට අවස්ථාවක්


2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා මුලික වටයේ 6 වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අටවැනි ස්ථානය දිනාගත් අතර ඒ මිනිත්තු 2යි තත්පර 7යි දශම 7යි 6ක දක්ෂතාවයක් දක්වමිනි.
තරුෂි එම තරගය සදහා සහභාගී වූ ක්‍රීඩිකාවන් අතරින් ළාබාලතම ක්‍රීඩිකාවයි.
ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට පැරිස් ඔපිම්පික් උළෙලේදී තෝරාගත් ධාවන ඉසව් කිහිපයක මූලික වටයේ තරගවලින් ඉවත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවසන් පූර්ව වටයට පිවිසීමට Repechage නම් තරග අවස්ථාවක් හිමිව තිබේ. මෙම ත‍රග වටය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2. 45ට ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව අද පැවැත්වෙන එම තරග වටයේදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුව අවසන් පූර්ව වටයට පිවිසීමට තරුෂිට අවස්ථාව හිමිවනු ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart