පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක්


ආණ්ඩු පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම්ව සිටින බව වාර්තා වේ. ඒ අනූව පොදු ජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම නිසා ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ඇතැයි සලකමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන් ය.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රීවරුන් සීයක් පමණ සහය දක්වා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නැති වී තිබෙන බෙදීම මත නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට විපක්ෂය අසුන් පැනවීමට කටයුතු කරමින් ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය මත ආණ්ඩු පක්ෂයේ පවතින බලය යම් අභියෝගයකට ලක්ව ඇති බව සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පොදු ජන පෙරමුණ දරණ මතය සමග සිටියත් ඔවුන් විපක්ෂයේ අසුන් ගන්නේ නම් අමාත්‍ය ධූරවලින් ඉවත්වීමටද සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart