සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට පුවතක් සංසරණය වෙමින් ඇති බවත් එම පුවත අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය පුවතක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
මැතිවරණ නීති රීතී අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ තමා ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචිවී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හෝ තැපැල් ඡන්ද හිමිකම් ඇති අයෙකු නම් තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලෙයේදී ඔහු ඉදිරියේ දී බව මැතිවරණ කොමිසම පවසා ඇත.
2024 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්දමිහියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා වේලාව සඳහන් නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙන බවත් එහි සඳහන් ඡන්ද පොළ හැර පරිභාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi