අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වී තිබේ.
චමරි අතපත්තු Women’s Hundred තරඟාවලිය සඳහා සහභාගි වීම හේතුවෙන් මෙම තරගාවලියට චමරි එක් නොවන අතර කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමුව තරඟ 02කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය ලබන අගෝස්තු 11වනදා ද,අගෝස්තු 16වෙනිදා එක්දින තරඟාවලිය ද ඇරඹීමට නියමිතව ඇත්තේ බෙල්ෆාස්ට් හීදීය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi