ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු බලය බිඳවැටෙන ලකුණු


මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව මෙම තීන්දුව ලබා දී ඇත.
ඒ අතරම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වී ඇතැයි ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක් වන අතර ඒ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් ය.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දුන්නද ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම අමාත්‍යධූර අට සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු අමාත්‍යධූර සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යන අතර එවිට ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සරල බහුතරය වන 113 අහිමිවීම සිදු වේ.ඒ හේතුව නිසාවෙන් ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු බලය බිඳවැටීම සිදුවනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart