2024 ජනාධිපතිවරණය නිරීක්ෂණයට අන්තර්ජාතික සංගම් රැසක්


ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා යුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා ප්‍රකාශ කළේය. නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සදහා යොදවන පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.
එමෙන්ම මේ වන විට රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 320 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවද ඒ බව ඔවුන් විමර්ශනය කරන බවද මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් සොයා බැලිමට කණ්ඩායම් පත් කර ඇති බවත් මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචාවන් වැලක්විම සදහා පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් සමග ඔවුන් සාකච්ඡා කරන බවත් එය වැලැක්විම සදහා පළාත් නවයේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සදහා සම්බන්ධ සියළුම නිලධාරින් දැනුවත් කිරිමට මෙම කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබිණි. එමෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය සදහා ජන්දය භාවිතා කිරිම හය ලක්ෂ පන්දහස් දෙසිය අනු දෙකක පිරිසක් දැනට ලියාපදිංචි වි ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart