තැපැල් ඡන්ද විමසීමේ දිනයන් ප්‍රකාශයට

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම ප්‍රකාශ කොට ඇත. සැප්තැම්බර් 4 වනදා තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇති බව සැලකේ. මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබෙන බවද වාර්තා වේ. ඒ අනුව සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇති බවද සඳහන් ය. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඊයේ (13) වනවිට අපේක්ෂකයින් 36 දෙනෙක් ඇප තැන්පත් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart