මැලේසියාවේ පැවති දාසය වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජයග්‍රහනයන් සමගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. එහිදී රන් පදක්කම් 13ක් රිදී පදක්කම් 05 සහ ලෝකඩ පදක්කම් 05 දිනාගෙන ඇත.
ඔවුන් පිළිගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීයෙක් වන, මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී ඉකුත් 01 දින සිට 10 දින දක්වා ලෝකයේ රටවල් විසි දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයන් පවත්වා තිබුණී.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi