ෆොන්සේකාව සජබෙන් ඉවත් කරයි ?

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මා‍ර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පක්ෂයෙන් ඉවත්කිරීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කරමින් සමගි ජනබලවේගයේ නායකත්වය විවේචනයට ලක් කර තිබෙන අතර ඒ හෙතුවෙන් ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට පූර්ණ බලය පවතින බවද ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මගෙන් රටට සංවිධානයේ සභාපති අත්තඩංගුවට

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබු බවට වාර්තා වේ,
සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වැඩිදුරටත් සදහන් වේ,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකාට බරපතල වැඩ සහිත සිර දඬුවම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ ප්‍රබලයන්ට වෙනත් පක්යෂකින් දීමනා

ආණ්ඩුවේ ප්‍රබලයකු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට වෙනත් පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මසකට ලක්ෂ දෙක බැගින් දීමනාවක් ලබාදීමට සූදානම් බව සඳහන් වේ.
ආණ්ඩුවේ කටයුතු සඳහා සහය ලබා ගැනීමට මෙසේ සිදුකරන බවද එලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද සිටින බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජාත්‍යන්තරයෙන් නැවතත් ණය ලබාගන්න පුලුවන් – ප්‍රසන්න රණතුංග

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ අප රට ආර්ථික අර්බුධය අවසන්කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි ප්‍රකාශ කර ඇත.
ඒ වගේම එම මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම අප රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවයි.
වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බවත් මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බවත්‍ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළියගේ පෙත්සම ජූලි පළමු වෙනිදාට කල් යයි


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වන දින කැඳවන ලෙසට අභියාචනාධිකරණය නිමය කර තිබේ. එම පෙත්සම අද (27) සලකා බැලීම සිදුකළ අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුක්තියේ මෙහෙයුම අලුත් විදිහකට එයි

ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ යුක්තියේ මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සියලු නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම පළාත් 07ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජාවාරම් කිරීම යම්තාක් ප්‍රමාණයක අඩුවක් දක්නට ඇති බව සඳහන් කරයි. කෙසේ නමුත් බස්නාහිර සහ දකුණු පළාත් වල තවදුරටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව පවසා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ග්‍රාම නිළධාරීන් වර්ජනයක

ලංකාව පුරා සියලුම ග්‍රාම නිලධාරීන් තම සියලු රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය. ඔහු මෙහිදී පවසා ඇත්තේ ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ තම ගමන් වියදම් දීමනාව ,ඉන්ධන දීමනාව ,නිල ඇදුම් දීමනාව ,සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස ඉල්ලමින් බවයි . මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගංවතුර ගැන වාර්තාවක්

දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර ඇතිවීමට හේතු කරුණු සොයා බලමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාවක් ලබා දෙන ලෙසයි.
සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන ලෙසට දැනුම් දුන් අතර ඊයේ (26) මෙම දැනුම්දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණ බව ද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බලය අල්ලා ගැනීමේ උත්සහය ව්‍යාර්ථ වේ..

බොලිවියාවේ රජය පෙරළාදමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට එරට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි, මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත, කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවයි. නමුත් ජනාධිපති ලුවී ආර්ස් පවසා ඇත්තේ මෙය සිය රට අස්ථායි කිරීමට ඔවුන් ගන්නා උත්සාහයක් බවයි එමෙන්ම ක්‍රමන්ත්‍රණකරුවන්ගේ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart