සිංහ පැටව් දිවයිනට

T20 ලෝක කුසලාන තරගයේ මුල්වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) කටුනායක ගුවන් තොටුපොළින් නැවත මෙරටට පැමිණ තිබේ.ඒ මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.
එහිදී ” සිල්ක් රූට් ” පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග ප්‍රකාශ කර සිටියේ, ඔවුන් වශයෙන් ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරිහැටි ක්‍රීඩා නොකළ නිසා මේ තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බවත් පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකරන බවත්‍ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

මහින්ද ගෙදර යයි

ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් නුදුරේදීම සිය දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා එම මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වුවද ඔහු ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත. ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයාව ඉඳිරිපත් වීමට නියමිතව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

NPP රජයේ කැබිනෙට්ටුව විසි පහකට සීමා වෙයි

ජාතික ජනබලවේගයේ රජයක් යටතේදී කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි පස්දෙනෙකුට සීමා කරන බව බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වන ලද ව්‍යාපාරික හමුවක් අමතමින් එම පක්ෂයේ ජාතික විධායක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබේ. එම අමාත්‍යාංශ 25 විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වේ

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවාව තවදුරටත් දිගුවන යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සේවා දිගුව යෝජනා කර තිබුණු නමුත් ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වී තිබිණි. එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නොහැකි වීම නිසා අද රැස්වූ සභාවේදී ජනාධිපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අනුව නීතිපති සංජය රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව ඇති පසුබිමක මෙම සේවා දිගුව යෝජනා වී ඇති බවට වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

69 ලක්ෂයේ පළමු රැලිය

“69 ලක්ෂයේ බලාපොරොත්තු යළි බල ගන්වන්නට” යන තේමාව යටතේ සර්වජන බලය දේශපාලන සන්ධානයේ පළමු ජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ දී පැවත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා, අද පස්වරු දෙකට මෙය පැවත්වීමට නියමිත වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

රනිල්ගේ “සංක්‍රාන්තික ලිංගික ඉසව්වට” විමල්ගෙන් ප්‍රහාරයක්

කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පනතක් ලෙස සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් පිලිගත නොහැකි වගන්ති එක් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත. ඒ අනුව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකින් පසු ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

රුසියන් ජනපති උතුරු කොරියාවට

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි,
යොංග්යැංග් අගනුවරට පැමිණි පුටින්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුනු බව වැඩිදුරටත් සදහන් වේ,
රුසියන් ජනාධිපතිවරයෙක් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි. උතුරු කොරියාව සමඟ පවතින සබදතාවයන් තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි තවදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

කුලී ආදයම් අයකරනුයේ ඉහළ ආදායම් ලබන්නන් ගෙන්

නව කුලී ආදයම් බද්ධ අය කරගනු ලබන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන්ගෙන් නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් ගෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහත අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
එසේම, පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

පුංචි නෝනාගේ නඩුව නිසා මෛත්‍රී පසුබසී

කරන්දෙනිය සකුරා හෝටලයේ පක්ෂයේ ගාලු දිස්ත්‍රීක් සමුළුව පැවැත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා පුවරු රැගෙන විරෝධතාවක නිරත වී ඇති බව වාර්තා වේ.ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති අතර වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා ඇත්තේ තමන් ඉවත්වෙලා විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කරේ තමන්ගේ සංවිධායකයන් පිළිබඳ සිතා බවයි.මගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා යයි ද ඔහු මෙම අවස්ථාවේ දී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ජනපතිවරණයේදී හකීම්ගේ සහාය සජබයට?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය සමඟ දැනට සිටින බැවින් එම සංධානය සමග කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. තවද පක්ෂය වෙනත් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිල වශයෙන් නිවේදනය කර නැති නිසාවෙන් ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජය ගන්නා බවද රවුෆ් හකීම් මහතා තවදුරටත් පවසා තිබේ.

Add to cart